පිල්ලේ හමුවීමට කිසිඳු අවශ්‍යතාවක් නැහැ. - ඇමති මහින්ද සමරසිංහ.

Tuesday, 05 March 2013 - 12:58

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B3%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84.

ජිනිවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩල සැසි වාරයට සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන අමාත්‍ය මහින්ද සමරසිංහ, තමා සමග සාකච්ඡාවකට එක්වෙන ලෙස ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය නවනීදන් පිල්ලේ කළ ආරාධනයක් ප්‍රතික්ෂේප කළ බව මාධ්‍ය මගින් වාර්තා කළා. ඇය සිය ආරම්භක දේශනයේ දී මෙන්ම ඊයේ (04) දිනයේ දී ද ශ්‍රී ලංකාව පිළිබදව කරුණු දක්වා තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා ධුත කණ්ඩායමේ ප්‍රධානී අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස් නවනීදල් පිල්ලේ හමුවීමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවයි. මහකොමසාරිස්වරිය වෙත පැවසිය යුතු දෑ සියල්ල සිය දේශනයේ දී ඉදිරිපත් කළ බවත් අමාත්‍ය මහින්ද සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

 [MP3]s54594_1[/MP3]

ශ්‍රී ලංකාව පිළිබද විශ්වකාලීන සමාලෝචන වාර්තාව ලබන 15 වන දා ජිනිවා නුවර ජගත් මානව හිමිකම් සැසි වාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. එහිදී කරුණු දැක්වීම සඳහා තමා ඉදිරි සතියේ නැවතත් ජිනිවා බලා පිටත් වන බවයි අමාත්‍ය මහින්ද සමරසිංහ වැඩිදුරටත් කියා සිටියේ.

[MP3]s54594_1[/MP3]

මේ අතර ජිනිවා මානව හිමිකම් සැසි වාරය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ඉදිරිපත් කරන දෙවැනි යෝජනාවට පක්ෂපාතීත්වය පළ කරන්නැයි ඉන්දීය රජයට බල කරමින් දිල්ලියේ සහ චෙන්නායි හි දැන් විරෝධතා උද්ඝෝෂණ ආරම්භ වී තිබෙනවා. දකුණු ඉන්දියාවේ කොටි හිතවාදී ද්‍රවිඩ දේශපාලන පක්ෂ විසිනුයි එම උද්ඝෝෂණ සංවිධානය කර ඇත්තේ. චෙන්නායි උද්ඝෝෂණ මෙහෙය වන්නේ තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂ නායක කරුණානිධිගේ පුත් එම්.කේ. ස්ටාලින් විසින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories