ශ්‍රී ලංකාව ගැන ඇමරිකාවේ ස්ථාවරය වෙනස් වේ.

Tuesday, 05 March 2013 - 18:58

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A.

ශ්‍රී ලංකාව තුළ සියලූ ජනතාවට නීතිය එක හා සමානව ක්‍රියාත්මක වන බව ජගත් මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන ශ්‍රී ලංකා නියෝජිතයන් අද ප්‍රකාශ කළා. ඒ මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවති මානව අයිතිවාසිකම් ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින්. රටේ ජනතාවට පීඩන සිදුවන සියලූ ක්‍රියාකාරකම් ලක් රජය හෙළා දකින බවයි ශ්‍රී ලංකා නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ.

 

ඉන්දීය ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේද අද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් හටගත්තා. එහිදී ඒ අයි. ඒ. ඞී එම් කේ. සහ ඞී. එම්. කේ. පක්ෂ නියෝජිතයන් මෙරට දෙමළ ජනතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් විරෝධතා ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා ලෝක සභාවේ සහ රාජ්‍ය සභාව අවස්ථා කිහිපයකදී කල් තැබීමට සිදුවූ බවද ඉන්දීය වාර්තා ප්‍රකාශ කළා.

 

අනිද්දා ඉන්දීය ලෝක් සභාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ද සූදානම්. එහිදී කළු පැහැති කමිසවලින් සැරසී එරට පාර්ලිමේන්තුව තුළ විරෝධතා ක්‍රියාත්මක කිරීමටද මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවයි ඉන්දීය වාර්තා තවදුරටත් සඳහන් කළේ.

 

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තම විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ඇමරිකාව නව ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

 

[MP3]s54617[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories