එජාපයට යළිත් වාරණයක්.

Thursday, 07 March 2013 - 20:01

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් තිස්ස අත්තනායක සහ එම පක්ෂයේ විනය කමිටුවට එරෙහිව තවත් වාරණ නියෝගයක් ගල්කිස්ස දිසා අධිකරණය අද (07) ලබා දුන්නා. ඒ, හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් නිසා එක්සත් ජාතික පක්ෂය තමන්ට එරෙහිව කැඳවා ඇති විනය පරීක්ෂණය අත්හිටුවන්නැයි මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ගොනුකළ පෙත්සමක් සලකා බලමින්.

හිටපු අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයේදී ඊට එරෙහිව ඡුන්දය ලබාදෙන්නැයි අලියා ලකුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු සියලූ මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්ෂය දැනුම් දී තිබුණා. අලියා ලකුණෙන් පත්ව සිටින මන්ත්‍රීවරුන් 60 දෙනාගෙන් 18 දෙනෙකුම මේ වනවිට ආණ්ඩුවට එක්ව සිටිනවා. ඔවුන් දෝෂාභියෝගයේදී ඊට පක්ෂව ආණ්ඩුව සමග එක්ව ඡන්දය භාවිත කළා.

මේ නිසා එක්සත් ජාතික පක්ෂය එම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඒවා වළක්වන ලෙස ඉල්ලමිනුයි මන්ත්‍රීවරුන් රැසක් අධිකරණයේ පෙත්සම් ගොනුකර ඇත්තේ. මොහාන් ලාල් ගේ‍්‍රරු සහ පී.දිගම්බරන් මන්ත්‍රීවරුන්ගේ පෙත්සම් ගල්කිස්ස දිසා අධිකරණයේදී ඊයේ (06) සලකා බැලූණා. එහිදීද එවැනි විනය පරීක්ෂණයක් පැවැත්වීම මේ මස 20 වැනිදා දක්වා වළක්වාලමින් එක්සත් ජාතික පක්ෂ නායකයාට, මහ ලේකම්වරයාට සහ විනය කමිටුවට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කෙරුණා.

අද (07) දිනයේ වාරණ නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර.
[MP3]s54765[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories