ඇමෙරිකාව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ජීනිවාහි බෙදා හරී.

Friday, 08 March 2013 - 7:58

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B7%92+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%93.


ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාව ජිනීවා නුවර ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ඊයේ සංසරණය කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එමගින් ඉන්දියාවට යෝජනාව පිළිබඳ සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමට හැකිවනු ඇති බවයි. යෝජනාවේ වගන්ති සලකා බැලීමෙන් අනතුරුව ඉන්දියාව සිය ස්ථාවරය ප්‍රකාශ කරන බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ඊයේ දිනයේදී ඇමෙරිකාව විසින් ජිනීවාහි බෙදා හැර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේ පළමු කෙටුම්පතයි. එය ඡුන්ද විමසීමට පෙර කිහිපවිටක්ම සංශෝධනය විය හැකි බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බලපාන කරුණු යෝජනාවට ඇතුළත්වුවහොත් ඒවා ඉවත් කිරීම සඳහා ඉන්දියාව පියවර ගනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාව ජිනීවා නුවර ජගත් මානව හිිමිකම් මණ්ඩල සැසිවාරයේදී ලබන 21 වැනිදා ඡුන්ද විමසීමට ලක් කෙරෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories