බස් ගාස්තු සංශෝධනය ගැන තීරණාත්මක සාකච්ජාවක්.

Friday, 08 March 2013 - 13:05

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.


බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ජාවක් දැන් පැවැත්වෙනවා. පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ පැවැත්වෙන මෙම සාකච්ජාව සඳහා ජාතික ගමනාගමන කොමිසන් සභාවේ නියෝජිතයින්ද එක්ව සිටින බව සඳහන්. කෙසේ වෙතත්, අද (08)  පැවැත්වෙන සාකච්ජාවේදී තමන් ඉන්ධන සහනාධාරයක් ලබා ගැනීම පිළිබඳව අමාත්‍යාංශ බලධාරීන්ගේ අවධානය යොමු කරවීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. සාකච්ජාවට සහභාගිවීමට පෙර ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු එහි සභාපති ගැමුණු විජේරත්න.

 [MP3]s54799[/MP3]
 
රජය විසින් ඞීසල් මිල ඉහළ දැමීමත් සමග බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයා සහ බස් සංගම් අතර මීට පෙරද සාකච්ජාවක් පැවැත්වුණා. පසුගිය මස 26 වැනිදා පැවති මෙම සාකච්ඡාවේදී පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී.රත්නායක සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සති දෙකක කාලයක් අවශ්‍ය බවයි. ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවේදී බස් ගාස්තු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. බස් සංගම් විසින් ඉන්ධන සහනාධාරයක් ඉල්ලා සිටියද බොහෝ දුරට පිරිවැය මත ගණනය කරන ලද ප්‍රතිශතයකට අනුව බස් ගාස්තු සංශෝධනයක් සිදුවනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories