උතුරු කොරියාව ආක්‍රමණයකට සූදානම්.

Friday, 08 March 2013 - 13:47

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.



දකුණු කොරියාව සමග පවතින පළමු ආක්‍රමණිකයා නොවීමේ ගිවිසුමෙන් ඉවත් වන බව උතුරු කොරියාව අද ප්‍රකාශ කළා. එමෙන්ම, දකුණු කොරියාව සමග පවතින හුවමාරු දේශ සීමා මුරපොලද වසා දැමීමට උතුරු කොරියාව තීරණය කර තිබෙනවා. ඔවුන් මෙම පියවර ප්‍රකාශයට පත්කර ඇත්තේ ජගත් සංවිධානය විසින් උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමත් සමගයි. උතුරු කොරියානු න්‍යෂ්ටික අත්හදා බැලීමේ පිපුරුමට ප්‍රතිචාර දක්වමින් ඊට එරෙහි සම්බාධක දැඩි කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ අනුමැතිය ලබා දුන්නා. නව සම්බාධක යටතේ උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්, මූල්‍ය හුවමාරු සහ සුඛෝපභෝගී භාණ්ඩ සඳහා ප්‍රවේශය ඉලක්ක කරගෙන තිබෙනවා. උතුරු කොරියාව පවසන්නේ ආක්‍රමණිකයා නොවීමේ ගිවිසුමෙන් ඉවත් වීමත් සමග ආක්‍රමණිකයෙකුට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ අයිතිය තමන්ට හිමිවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories