කෝං ගසක් කඩා වැටී ළමයින් 19 කට තුවාල.

Friday, 08 March 2013 - 14:10

%E0%B6%9A%E0%B7%9D%E0%B6%82+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+19+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.

කැකිරාව මධ්‍ය මහා විද්‍යාල භූමියේ දැවැන්ත කෝං ගසක් අද (08) උදෑසන කඩා වැටීමෙන් ළමයින් 19 දෙනෙකු තුවාල ලැබුවා. මිශ්‍ර පාසලක් වන මෙම විද්‍යාලයේ උදෑසන රැස්වීම අතරතුර මෙම ගස කඩා වැටී තිබෙනවා. තුවාල ලැබූ සිසුන් කෑගල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් 10 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ. ප්‍රතිකාර ලබන සිසුන් 04 දෙනාගේ තත්ත්වය බරපතල නොවන බවද එහි ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා. සිද්ධියට මුහුණ පෑ සිසුන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.

[MP3]s54806[/MP3]                                   

විදුහලේ විදුහල්පති එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ගසේ අරටුව දිරා තිබීම හේතුවෙන් එය හදිසියේ කඩා වැටී ඇති බවයි. අද සහ හෙට දිනයේ පාසලේ ඇති අනෙකුත් ගස් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර දිරා තිබෙන ගස් ඉවත් කිරීමට කටයුතු කරන බවයි විදුහල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

 

[JPG]54806_1[/JPG]

[JPG]54806_2[/JPG]

[JPG]54806_3[/JPG]

[JPG]54806_4[/JPG]

[JPG]54806_5[/JPG]

[JPG]54806_6[/JPG]

[JPG]54806_7[/JPG]

[JPG]54806_8[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories