ඇමෙරිකන් යෝජනාව බෙදුම්වාදය අවුලූවනවා. - සුබ්‍රමනියම් ස්වාමි.

Saturday, 09 March 2013 - 12:54

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B8%E0%B7%92.

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇති යෝජනා මගින් බෙදුම්වාදය යළි පණගැන්වෙන බවට ඉන්දීය ජනතා පක්ෂ නායක සුබ්‍රමනියම් ස්වාමි චෝදනා කරනවා. දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් වොෂිංටන් නුවරදී හමුවූ අවස්ථාවේදීයි ඔහු ඒ බව පවසා ඇත්තේ. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව මෙරට බෙදුම්වාදී කොටස්වල ජයග්‍රහණයක් වනු ඇති බවයි සුබ්‍රමනියම් ස්වාමි පෙන්වා දී ඇත්තේ. එමගින් බෙදුම්වාදය මෙන්ම එල්.ටී.ටී.ඊ.යද යළි පණගැන්වීමේ තත්ත්වයක් උදාවිය හැකි බවට ඉන්දීය ජනතා පක්ෂ නායකයා ඇමරිකාවට අනතුරු අඟවා තිබෙනවා. මෙරට මානව හිමිකම් උල්ලංගනය වීම් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව ඇමරිකාව ලක් රජය සමග ඍජුව සාකච්ඡා කළ යුතු බව ඔහුගේ අදහසයි.  පරීක්ෂණ පැවැත්විය යුත්තේ ලක් රජය විසින් බවත් සුබ්‍රමනියම් ස්වාමි අවධාරණය කලා. ශ්‍රී ලංකාවට එරෙහි පරීක්ෂණයක් සිදුකිරීම සඳහා බලහත්කාරයෙන් කණ්ඩායමක් යෙදවීමට හැකිවන්නේ නැහැ. ඇමරිකානු යෝජනාව සම්මත වුවද එවැනි පරීක්ෂණ කමිටුවක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතුයි. එවැනි අවස්ථාවකදී චීනය සහ රුසියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිනු ඇති බව සුබ්‍රමනියම් ස්වාමි සඳහන් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories