කෙන්යාව, කෙන්යාටා ට.

Sunday, 10 March 2013 - 8:00

%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7%E0%B7%8F+%E0%B6%A7.

තියුණු මැතිවරණයකින් පසු උහුරු කෙන්යාටා කෙන්යාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටිනවා. සියයට 50 යි දශම බින්දුවයි 7 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගැනීම නිසා ජනාධිපතිවරණයේ දෙවැනි වටයක් පැවැත්වීමට සිදුවන්නේ නැහැ. පසුගිය සඳුදා පැවති මැතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කෙන්යාටා ප්‍රකාශ කළේ තමා නීතියට ගරු කරන අතර ප්‍රතිවාදීන් සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි. කෙන්යාටා කෙන්යාවේ පළමු ජනපති ජෝමෝ කෙන්යාටා ගේ පුත්‍රයායි.

 
කෙසේ නමුත් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන රයිලා ඔඩින්ගා මැතිවරණයේ ප්‍රතිඵල අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට සූදානම්. 2007 වසරේ කෙන්යාවේ පැවති මැතිවරණයේදී ප්‍රචන්ඩ ක්‍රියා ඇතිකිරීම සම්බන්ධයෙන් කෙන්යාටා ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ චෝදනා එල්ලවී තිබුණා. 2007 වසරේ කෙන්යාවේ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවලින් පුද්ගලයන් 1000 කට අධික පිරිසක් මියගිය අතර 60 000 කට පමණ උන්හිටි තැන් අහිමිවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories