නව රේගු නීති ගැන වෘත්තීය සමිති විරෝධය.

Sunday, 10 March 2013 - 13:04

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

රේගු ආඥා පනතට ඉදිරිපත් කර ඇති සංශෝධන සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවනු ඇතැයි රේගු වෘත්තීය සමිති අනතුරු අඟවනවා. ඉදිරිපත් කර ඇති මෙම නව සංශෝධන වෘත්තීය සමිති දැනුවත් කිරීමකින් තොරව සිදුකර ඇති බවයි සමස්ත ලංකා රේගු සේවා සංගමය සහ රේගු නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. පසුගිය සිකුරාදා මෙම නව සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද වෘත්තීය සමිති සඳහන් කළා. මෙම නව සංශෝධනවල අඩංගු රේගු බදු අය කරගැනීම සහ ත්‍යාග මුදල් ගෙවීම පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බවයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. ඒ සම්බන්ධයෙන් අද දිනයේත් මහා භාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වන බව ඔහු තවදුරටත් සඳහන් කළා.

 
[MP3]s54939[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories