බාල ඩීසල් මෙටි්රක් ටොන් 5000ක් දිවයිනට රැගෙන ආ අයි. ඕ.සී. නෞකාවේ තිබූ පෙට්‍රල් මෙටි්රක් ටොන් 16,000 ක් ද නියමිත පිරිවිතරවලට අනුකූල නොවන බවට තමන්ට වාර්තා වී ඇතැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති ප්‍රකාශ කළා. ජාතික සේවක සංගමයේ තෙල් සංස්ථා ශාඛාවේ ලේකම් ආනන්ද පාලිත හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ කොළඹ වරායේ තිබූ මෙම පෙට්‍රල් තොගය ඊයේ (09) ත්‍රිකුණාමල වරායට ළඟා වී ඇති බවයි. එහිදී සිදුකළ පරීක්ෂණවලදී මෙම පෙට්රල්වල ගුණාත්මක භාවය පිළිබද ගැටළු මතුව ඇති බව ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් අද (10) හදිසියේ මෙම ඉන්ධන තොගය ගොඩබා ඇති බවයි ජාතික සේවක සංගමයේ තෙල් සංස්ථා ශාඛාවේ ලේකම් ආනන්ද පාලිත සඳහන් කළේ. නියමිත ක්‍රමවේදයට අනුව මෙම පෙට්‍රල් තොගය කොළොන්නාවේදී හෝ සපුගස්කන්දේ දී පරීක්ෂාවට ලක් කළේ දැයි ඔහු ඛනිජ තෙල් සංස්ථා බලධාරීන්ගෙන් විමසා සිටියා. අප ඒ පිළිබදව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ සුසන්ත ද සිල්වාගෙන් ද විමසීමක් කළ අතර ඔවුන් දෙදෙනා ඒ පිළිබදව මෙලෙස අදහස් පළ කළා.
[MP3]s54956_1[/MP3]
මේ පිළිබදව හිරු ප්රවෘත්ති අංශය ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගෙන් ද විමසීමක් කළා. ඔහු ද අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
[MP3]s54956_2[/MP3]
කෙසේ වෙතත්, හිරු ප්රවෘත්ති අංශය මේ පිළිබදව ලංකා අයි. ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සුබෝද් දක්වාල්ගෙන් විමසීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වුණේ ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කිරීම හේතුවෙන්.
Follow US
Most Viewed Stories