නාරායන් ස්වාමිගේ චෝදනා නාවික හමුදාව ප්‍රතික්ෂේප කරයි.

Monday, 11 March 2013 - 7:29

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් ඉන්දීය මුහුදු තීරයේ ධීවර කටයුතුවල යෙදී සිටින ධීවරයන්ට එල්ල කරනු ලබන ප්‍රහාරය තරයේ හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප අමාත්‍ය නාරායන් ස්වාමි පවසනවා. ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රහාරයකින් තුවාල ලැබූ බව කියන ධීවරයෙකු හමුවීමට නාරායන් ස්වාමි කරෙයිකල් මහජන රෝහලට ගිය අවස්ථාවේදියි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ. තමිල්නාඩු කොඩිකරේ මුහුදු තීරයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දා ඉන්දීය ධීවරයෙකුට වෙඩි තබා ඇති බවට ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතද සඳහන් කළා. කෙසේ වෙතත්, තුවාල ලැබූ ධීවරයා සුවදුක් විමසීමෙන් අනතුරුව ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප අමාත්‍ය නාරායන ස්වාමි.

[MP3]s54963[/MP3]

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරියගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ එවැනි වෙඩි තැබීමක් නාවික හමුදාව විසින් සිදුකර නොමැති බවට ලිඛිතව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත දැනුම් දී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories