මාතලේ සමූහ මිනීවලේ අවසන් වාර්තාව ලබන සතියේ අධිකරණයට.

Monday, 11 March 2013 - 7:47

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B6%BD%E0%B7%9A++%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.

මාතලේ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනී වල සම්බන්ධයෙන් පරීක්ෂණවල අවසන් වාර්තාව ලබන සතියේ දී නිකුත් කරන බව කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ නගන චෝදනාවක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මහාචාර්යවරයා මේ බව කියා සිටියා. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම මරණ ස්වභාවිකව සිදුනොවූ මරණ බවයි.

[MP3]s54965_1[/MP3]

කෙසේ වෙතත්, මහාචාර්ය රාජ් සෝමදේව සදහන් කරන්නේ ලබන 20 වන දින මෙහි වාර්තාව ලබාදෙන බවයි.

[MP3]s54965_2[/MP3]
                    
මාතලේ රෝහල් භූමියේ ජීව වායු ඒකකය ඉදි කිරීමට බිම් සකස් කිරීමේදී මෙම සමුහ මිනීවල හමුවූයේ පසුගිය වසරේ නොවැම්බර් මස 23 වැනිදායි. පසුගිය 12 වැනි දින මාතලේ සමූහ මිනීවලේ සිදුකරන ලද කැණීම් කටයුතු අවසන් වුණා.  කැණීම්වලදී මිනිස් ඇටසැකිලි කොටස් 154 ක් හමුවූ අතර ඉන් 141 ක්ම හිස් කබල් වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories