ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට තමිල්නාඩු ඞී. එම්. කේ. පක්ෂ නායක මුත්තුවේල් කරුණානිධි කනස්සල්ල පළ කලා. කරුණානිධි පෙන්වා දෙන්නේ එම ප්‍රකාශ තුවාලයකට ලූණු දැමීමකට සමාන බවයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාව සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පසුගියදා අදහස් දක්වා සිටියා. එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජය, ඇමරිකාව සමග සාකච්ඡා කර කාටත් පිළිගත හැකි විසඳුමකට පැමිණිය යුතු බවයි. එම ප්‍රකාශය ශ්‍රී ලංකාවට වඩා තමන්ට උපදෙස් ලබාදීමක් ලෙස සලකන බවයි කරුණානිධි ප්‍රකාශ කර ඇත්තේ.
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය යුතු බවට පවසමින් චෙන්නායි හි කෝයම්වේඩු ප්‍රදේශයේ උපවාසයක යෙදී සිටි සිසුන් 8 දෙනෙකු අද තමිල්නාඩු පොලීසිය මගින් එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා. ඔවුන් සතියක කාලයක සිට මෙම උපවාසයේ නිරතවුණා.
මේ අතර මීට පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිල 19 වන සැසිවාරයේදී ඇමරිකාව, ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව ගෙන ආ අවස්ථාවේ රට තුළ පැවති උද්ඝෝෂණ අද දක්නට නොලැබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඊට හේතුව ආණ්ඩුව මේ සම්බන්ධයෙන් යම් එකඟතාවයකට පැමිණීමදැයි එම පෙරමුණ ප්‍රශ්ණ කරනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවදී මෙම ප්‍රශ්න කිරීම් සිදුකළේ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයායි.
[MP3]s54981_1[/MP3]
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයද පවසන්නේ ජිනීවා සමුළුව සම්බන්ධයෙන් ස්ථිර ප්‍රතිපත්තියක් ආණ්ඩුවට තවමත් නොමැති බවයි. ඒ පිළිබඳව අදහස් දක්වන එහි මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර.
[MP3]s54981_2[/MP3]
පසුගිය ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඇමරිකාව විසින් ගෙන ආ අවස්ථාවේ ජාතික හෙළ උරුමයද ඊට විරුද්ධව කටයුතු කරනු ලැබුවා. මෙවර එම තත්ත්වය වෙනස් වී ඇත්දැයි අප විමසා සිටියේ එහි මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහගෙන්.
[MP3]s54981_3[/MP3]
Follow US
Most Viewed Stories