ශ්‍රී ලංකාවෙන් ඇමරිකවට ඉල්ලීමක්.

Monday, 11 March 2013 - 20:27

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුද උපකරණ මිලදී ගැනීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇමරිකානු අධිකරණයකට ඉදිරිපත් කර ඇති කැනේඩියානු ජාතික සුරේෂ් ශ්‍රීස්කන්දරාජා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී කැනඩාවෙන් පිටුවහල් කරන ලද සුරේෂ් ශ්‍රීස්කන්දරාජා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජය, ඇමරිකාවට දන්වා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. එම නඩුව විභාග කරන ඇමරිකානු අධිකරණයේ විනිසුරු රේමන් ඩියරි පවසන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ තිරසාර සාමය සහ සංහිඳියාවේ පියවරක් ලෙස මොහුව නිදහස් කරන ලෙස ලක් රජය ඉල්ලා ඇති බවයි.

 

කෙසේ වුවත්, මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමටත්, එතෙක් සුරේෂ් ශ්‍රීස්කන්දරාජා රඳවාගෙන තබා ගැනීමටත් අධිකරණ විනිසුරුවරයා තීරණය කළ බවයි විදෙස් වාර්තා පවසන්නේ. මේ අතර මෙම නඩු විභාගයේ තවත් සැකකරුවෙකු වන කැනේඩියානු ජාතික 36 හැවිරිදි ප්‍රදීප් නඩරාජා රදවා තබා ගැනීමට ඇමරිකානුඅධිකරණ විනිසුරුවරයා තීරණය කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවි සහ ගොඩබිමේ සිට ගුවනට ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගන්නා මිසයිල මිලදී ගැනීම සම්බන්ධයෙනුයි ප්‍රදීප් නඩරාජාට චෝදනා එල්ල වී ඇත්තේ. එමෙන්ම මෙම නඩුවේ සැකකරුවෙකු වන රමනන් මායිල්වාගනම් පසුගිය වසරේදී තමාට එල්ල වූ චෝදනා පිළිගත්තා. කොටි සංවිධානයට නයිට් විෂන් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ මෙන්ම සබ්මැරීනයක් නිෂ්පාදනය කිරීමේ සැලසුම් ද ඇමෙරිකාවෙන් රහසිගතව ලබා ගැනීමට කුමන්ත්‍රණය කළ බවටයි ඔහුට චෝදනා එල්ල වූයේ.

2012 වසරේ දී කැනඩාවේ ටොරැන්ටෝ නුවර දී ඇමරිකාවේ එෆ්.බී.අයි. ආයතනය සහ කැනඩා රහස් පොලීසිය එක්ව සුරේෂ් ශ්‍රීස්කන්දරාජා සහ අනෙකුත් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා කැනඩාවේ සිට ඔවුන් ඇමරිකාවට පිටුවහල් කළ බවයි වාර්තා වන්නේ. සුරේෂ් ශ්‍රීස්කන්දරාජා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කර ඇතැයි කියන ඉල්ලීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහි ලේකම් කරුණාතිලක අමුණුගම සඳහන් කළේ සිය අමාත්‍යාංශය විසින් ඇමරිකානු රජයෙන් මෙවැනි ඉල්ලීමක් සිදුනොකළ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories