ජනපති ජපානය බලා පිටත් වෙයි.

Tuesday, 12 March 2013 - 7:54

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිළ සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ (11) රාත්‍රියේ 10.30 ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත් වූ බව හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළා.

 
ජපානය සහ ශ්‍රී ලංකාව අතර දැනට පවතින සුහද සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ අරමුණයි. ජනාධිපතිවරයාගේ ජපාන චාරිකාව ලබන මාර්තු 13 වන දා සිට 16 වන දා දක්වා ක්‍රියාත්මක වන බවයි ජනාධිපති ප්‍රකාශකවරයා සඳහන් කළේ. ජපානය ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන රටවල් අතුරින් ප්‍රමුඛත්වය ගත් රටක් වන අතර ජපාන ආධාරවලින් මෙරට මහා පරිමාණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වී තිබෙනවා. ජපාන චාරිකාවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අකිහිතෝ අධිරාජ්‍යයා සහ අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ද මුණ ගැසෙනු ඇති. දෙරටේ වෙළද සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ ජපාන චාරිකාවේදී සාකච්ඡා කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories