තිලංග පත්වුණොත් අයි.සී.සී යෙන් ලංකාවට ප්‍රශ්නයක්.- උපාලි ධර්මදාස.

Tuesday, 12 March 2013 - 8:12

%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9C+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93+%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.-+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B7%83.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තනතුර සඳහා තරග වදින තිලංග සුමතිපාල ඊයේ (11) ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කර තිබෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ පෙනී සිටියා. ඒ, ඔහුට විරුද්ධව ගොනු කර ඇති චෝදනාවලට පිළිතුරුදීම සදහායි. තිලංග සුමතිපාල ක්‍රිකට් නිළවරණය සඳහා නාම යෝජනා ලබාදීමෙන් පසු ඔහුට විරුද්ධව මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ 3ක් විරෝධතාවන් ගොනු කළා. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පියවර ගත්තේ මෙම චෝදනා විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමටයි. ඊයේ (11* පස්වරුවේ තිලංග සුමතිපාල පළමුවරට මෙම කමිටුව හමුවේ පෙනී සිටියා.

ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම ත්‍රිපුද්ගල කමිටුව පැය දෙකකට අධික කාලයක් තිලංග සුමතිපාලගෙන් අදාළ චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබෙනවා.

බදුරලිය ක්‍රීඩා සමාජය, සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය සහ කෑගල්ල ක්‍රීඩා සමාජය තිලංග සුමතිපාලට චෝදනා ගොනු කරමින් පෙන්වා දුන්නේ ඔහු රට පුරා විහිදුණු රේස් බයි රේස් සූදු ව්‍යාපාරයක් පවත්වාගෙන යාම, මාධ්‍ය ආයතනයක හිමිකාරීත්වය දැරීම සහ ක්‍රීඩා භාණ්ඩ නියෝජිත ආයතනයක් පවත්වාගෙන යාම නිසා මෙවර ක්‍රිකට් නිළවරණයට ඉදිරිපත් විය නොහැකි බවයි.

මේ අතර තිලංග සුමතිපාලගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස ඊයේ (11) නිවේදනයක් නිකුත් කළා. තිලංග සුමතිපාල යම් හෙයකින් සිය ආයතනයේ සභාපති ධුරයට පත්වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තිලංග සුමතිපාලට එරෙහිව 2005 වසරේ දී පැවැත්වූ පරීක්ෂණ තවදුරටත් ඉදිරියටත් ගෙන යනු ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ. එම පරීක්ෂණවලින් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තිලංග සුමතිපාල අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කෙරුණා. ඊයේ (11) නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස.

[MP3]s55024_1[/MP3]

ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පසුගිය දා පාර්ලිමේන්තුවේදී මෙම කරුණ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළා.

[MP3]s55024_2[/MP3]

එමෙන්ම තිලංග සුමතිපාල ක්‍රිකට් නිළවරණයට තරග කිරීම සම්බන්ධයෙන් මෙරට ක්‍රිඩාලෝලීන් දරන්නේ මෙවැනි මතයක්.

[MP3]s55024_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories