මිලිබෑන්ඞ් ශ්‍රී ලංකාවට යළිත් එරෙහි වෙයි.

Tuesday, 12 March 2013 - 8:15

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


මේ වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෙහි නොපවත්වන ලෙස ඇතැම් රටවල් කර ඇති ඉල්ලීමට බ්‍රිතාන්‍යය සහාය දැක්විය යුතු බව එරට හිටපු විදේශ ලේකම් ඬේවිඞ් මිලිබෑන්ඞ් පවසනවා. ඔහු කියා සිටින්නේ මහරැජිණ විසින් සාම්ප්‍රදායික ලෙස විවෘත කෙරෙන සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් එය පොදුරාජ්‍ය මණ්ඩලීය අගයන්ට සහ ජගත් සංවිධානයේ අධිකාරීත්වයට නිගරුවක් බවයි. එමෙන්ම වගවීම් ක්‍රියාවලියක් සඳහා ජාත්‍යන්තරය සිදුකරන ඉල්ලීම් ලක් රජය එහිදී තවදුරටත් නොසලකා හැරීමට ඉඩ ඇති බව බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම් ඬේවිඞ් මිලිබෑන්ඞ්, ගාඩියන් පුවත්පත වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.


යුද්ධයේ අවසන් සමයේ ඬේවිඞ් මිලිබෑන්ඞ් එවකට ප්‍රංශ විදේශ අමාත්‍යවරයාව සිටි බර්නාඞ් කුච්නර් සමග ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන් යුද්ධය නතර කරන ලෙසත් කොටි සාමාජිකයන්ට අභය දානය දෙන ලෙසත්, ඉල්ලා සිටි බව ප්‍රසිද්ධ කරුණක්. කෙසේ නමුත් සිය මතය සාධාරණීකරණය සඳහා මිලිබෑන්ඞ්, ගාඩියන් පුවත්පත වෙත ඉදිරිපත් කළ ලිපියේ දී ඒ පිළිබදව සඳහන් කර ඇත්තේ යුද්ධයෙන් පීඩාවට පත්වූ උතුරේ දෙමළ ජනයා තමා සියැසින් දුටු බවයි. යුද්ධයේ දී මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව පිළිබදව ජගත් සංවිධානය විසින් ද නිශ්චිත සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර නොමැති වුවද මිලිබෑන්ඞ් කියා සිටින්නේ එහිදී දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් මිය ගොස් ඇති බවයි. සිය ඉල්ලීම සනාථ කිරීම සඳහා දරුස්මාන් වාර්තාවේ කරුණු සහ නවනීදන් පිල්ලේ ජගත් මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවේ කරුණු ද ඬේවිඞ් මිලිබෑන්ඞ් උපුටා දක්වා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories