බලය බෙදන්න. - එජාපය.

Tuesday, 12 March 2013 - 12:58

%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

ශ්‍රී ලංකා රජය විසින් ජාතික ගැටළුව පිළිබදව ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු කර බලය බෙදා හැරීම සිදුකළහොත් ගැටළු රැසකට විසඳුම් ලබා ගත හැකි බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව කියා සිටියා.  

 
[MP3]s55046_1[/MP3]                                                         

 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනාවේ සඳහන් ප්‍රධාන කරුණක් වන්නේ ශ්‍රී ලංකා රජය බලය බෙදා හැරීම සඳහා විධිමත් පියවර ගෙන නොමැති බවයි. කෙසේ වෙතත්, දේශපාලන විසදුමක් තුළින් බලය බෙදීම සඳහා වූ කටයුතු ප්‍රමාද වුණේ දෙමළ ජාතික සන්ධානයේ සහාය නොමැතිවීම නිසා බව රජය පසුගිය දා ප්‍රකාශ කළා.

 

මේ අතර, ඇමරිකාව විසින් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව මගින් මෙරට යුද්ධය පිළිබද ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පැවසීම පිළිගත නොහැකි බව ඉන්දීය ජනතා පක්ෂ නායක සුබ්‍රමනියම් ස්වාමි පවසනවා. වොෂින්ටනයේ දී එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් හමුවූ අවස්ථාවේදී ද තමා ඒ බව අවධාරණය කළේ යැයි නැවතත් ඉන්දියාවට පැමිණ සිටින සුබ්‍රමනියම් ස්වාමි ඊයේ (11) ප්‍රකාශ කළා. ඇමරිකානු යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පවා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහෙත් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වන ඉල්ලීම ඉවත් කොට ඇමරිකානු යෝජනාව සාධාරණ අන්දමින් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් තවදුරටත් පවතින බවයි ඔහු සඳහන් කළේ. එවැනි වගන්තියකට ඉන්දියාවට ද සැබවින් එකඟ විය නොහැකියි. මන්ද කාශ්මීරය සම්බන්ධයෙන් එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඉන්දියාවට ද මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදුවීමයි.



ජගත් මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවක් සම්මත වුවද ඊට අගයක් සහ බලයක් හිමි වන්නේ ජගත් ආරක්ෂක මණ්ඩලය මගින් සම්බාධක පැනවූ විටයි. එහෙත් රුසියාව සහ චීනය ශ්‍රී ලංකාවට එරෙහි එවැනි සම්බාධක යෝජනාවක් අනිවාර්යෙන්ම නිශේධ බලය යොදා පරාජය කරනු ඇති බව ඉන්දීය ජනතා පක්ෂ නායක සුබ්‍රමනියම් ස්වාමි පෙන්වා දෙනවා.

 

ශ්‍රී ලංකාවට එරෙහිව චෙන්නායි නුවර දී විරෝධතාවක නිරත වූ පුද්ගලයන් 100කට වැඩි පිරිසක් එරට ආරක්ෂක අංශ අද (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය වාර්තා සඳහන් කළේ ටෙසෝ සංවිධානයට අයත් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇති බවයි.

 

කෙසේ වෙතත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඉන්දීය මධ්‍යම රජයට ඇතැම් අවස්ථාවලදී කොංග්‍රසයේ බලය පවත්වා ගැනීම සඳහා නොයෙක් තීරණ ගැනීමට සිදුවන බවයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය කිසිදු අයුරකින් බිඳ වැටී නොමැති බව ද අමාත්‍යවරයා සදහන් කළා.

[MP3]s55046_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories