ශ්‍රී ලංකාව සුරා කෑමට දරණ ඇමරිකානු උත්සාහයට ඉන්දියාවේ සහාය. - තමිල්නාඩු පක්ෂයකින් චෝදනා.

Wednesday, 13 March 2013 - 8:00

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA.+-++%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

ශ්‍රී ලංකාවේ සම්පත් සුරාකෑම සඳහා ඇමරිකාව දරණ උත්සාහයට ඉන්දීය රජය සහාය ලබාදෙන බව තමිල්නාඩුවේ පාඨලී මක්කල් පක්ෂයේ නායක එම්. රාම්දාස් පවසනවා. තමිල්නාඩු හි ක්‍රිෂ්නගිරි නගරයේ ඊයේ (12) පැවැති එම පක්ෂයේ විශේෂ රැස්වීමකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ සම්පත් සුරාකෑම සඳහා ඇමරිකාව ජිනිවා හිදී ගෙන එන යෝජනා වලින් උත්සාහ දරණ බවයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේ වුවත් ජිනිවා මානව හිමිකම් කවුන්සිල රැස්වීමේදී ඉන්දියාව ඇමරිකානු යෝජනාවට සහාය දැක්වීමෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සෙතක් සිදුනොවන බවයි එම් රාම්දාස් වැඩදුරටත් පවසන්නේ.
 
මේ අතර, ටෙසෝ සංවිධානය විසින් ඊයේ (12) තමිල්නාඩු ප්‍රාන්තයේ කළ හර්තාල් ව්‍යාපාරය සාර්ථකව පැවැත්වූ බව හිටපු මහඇමති එම්. කරුණානිධි පවසනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ගෙන එන යෝජනාවට ඉන්දියාව සහාය පළ කළ යුතු බවට බල කරමින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories