සුජීව සේනසිංහට අගවිනිසුරුගෙන් දැඩි අවවාද.

Wednesday, 13 March 2013 - 13:09

%E0%B7%83%E0%B7%94%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ සහ නීතිඥ පාමර්න් කාසිම් යන අයට අගවිනිසුරු මොහාන් පීරිස් ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණයේදී තරයේ අවවාද කර සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගවෙමින් පවතින නඩුවකදී ගත් තීරණයකට විරෝධය පෑමක් වශයෙන් අසුන්වලින් නැගිටයාම හේතුවෙනුයි අදාළ නීතිඥවරු දෙදෙනාට අගවිනිසුරුවරයා අවවාද කළේ. ඔවුන් දෙදෙනා අසුන්වලින් නැගිට ගිය පසු යළිත් අධිකරණ ශාලාව තුළට කැඳවූ අගවිනිසුරුවරයා ඔවුන්ට යළිත් අසුන් ගන්නා ලෙස නියෝග කළා. එහිදී අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රකාශ කර සිටියේ සුජීව සේනසිංහ සහ පාමර්න් කාසිම් නීතිඥවරුන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් ලැබීමේ වරදක් සිදුකර ඇති බවයි. එහිදී සුජීව සේනසිංහ නීතිඥවරයා ඇමතූ අගවිනිසුරුවරයා කියා සිටියේ තමන් නීතිඥ වෘත්තියට පිවිස දැනට වසර 38 ක් පමණ වන බවත්, ඒ වනවිට ඔබ ඉපදී නොමැති බවත්, නීතිඥවරයෙකු මේ ආකාරයට හැසිරෙනවා තමන් මීට පෙර දැක නොමැති බවයි. එමෙන්ම අධිකරණය වෙළඳපොලක් නොවන අතර, එහි ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතු බවයි අගවිනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ. යළි මෙවැනි හැසිරීම්වලින් වළකින ලෙසත්, එවැනි ක්‍රියාවක යළි නිරත වුවහොත් දැඩි දඬුවම් පමුණුවන බවද අගවිනිසුරු මොහාන් පීරිස් විවෘත අධිකරණයේදී අදාළ නීතිඥයාට අවවාද කර තිබෙනවා.

කොළඹ - කොම්පඤ්ඤවීදියේ අක්කර 07 ක පමණ ඉඩමක කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් රජයට පවරා ගැනීමට එරෙහිව එහි පදිංචිකරුවන් විසින් ගොනුකර තිබූ නඩුවක පැමිණිල්ලේ නීතිඥවරුන් ලෙස සුජීව සේනසිංහ සහ පාමර්න් කාසිම් පෙනී සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories