ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම ජපානය පිළි ගනී.

Wednesday, 13 March 2013 - 13:14

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

ලක් රජය ඉදිරිපත් කර ඇති මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම පිළිගන්නා බව ජපානය පවසනවා. ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ජපානය මේ බව සඳහන් කළා. එමෙන්ම එම සැලැස්ම තුළ ඇති උගත් පාඩම් වාර්තාවේ ඇතැම් නිර්දේශ ලක් රජය ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන්ගේ අදහසයි. ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් නොවන ඇතැම් කරුණුද ලක් රජය ඉටුකළ යුතුයි. අවතැන්වූවන් යළි පදිංචි කරවීම පිළිබඳව ලක් රජය ප්‍රගතියක් ලබා ඇති බවයි ජපානය පෙන්වා දෙන්නේ. එමෙන්ම, ජාත්‍යන්තරය සමග කටයුතු කර ඇති ආකාරය සතුටුදායක මට්ටමක පවතින බවද ජපානය පෙන්වා දෙනවා. ජයගත යුතු තවත් අභියෝග රැසක් ශ්‍රී ලංකාව සතුවන බවයි මෙහිදී ජපානය වැඩිදුරටත් කියා සිටියේ. උතුරේ මැතිවරණයක් පැවැත්වීම, මහජන සේවා කොමිසමක් ස්ථාපිත කිරීම ඒ අතරින් විශේෂයි. එම ක්‍රියාවලිය රටේ සංහිඳියාව ඇති කිරීම සඳහා වැදගත් වනු ඇති බවයි සිය වාර්තාව මගින් ජපානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. තවදුරටත් ධනාත්මකව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන බවද ජපානය මෙහිදී අවධාරණය කළා.

ශ්‍රී ලංකාව පශ්චාත් යුද සමයේදී සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන නොමැති බව යුරෝපා සංගමය පවසනවා. ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ඊයේ අමතමින් යුරෝපා සංගමයේ අයර්ලන්ත නියෝජිතයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඊට සීමාවන් පනවා ඇති බව අයර්ලන්ත නියෝජිතයාගේ අදහසයි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මෙය අවස්ථාවක් බවද යුරෝපා සංගමය මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර, අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඊයේ (12) කැනඩාව විසින් ප්‍රශ්න කර තිබෙනවා. ඊට පිළිතුරු ලබාදුන් ශ්‍රී ලංකා නියෝජිතයන් අවධාරණය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එම කටයුතු සිදුකර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories