අවුරුදු 1200කට පසු පාප් වහන්සේ ධුරය යුරෝපයෙන් ලතින් ඇමරිකාවට.

Thursday, 14 March 2013 - 8:20

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+1200%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.


මෙතෙක් පැවැති කතෝලික සම්ප්‍රදායේ වෙනසක් සිදුකරමින් වසර 1200කට පසු පාප් වහන්සේ ධුරය යුරෝපයෙන් ලතින් ඇමරිකාවට හිමි වුණා. නව පාප් වහන්සේ ලෙස ආජන්ටිනානු ජාතික  ජෝර්ජ් මරියෝ බර්ගොග්ලියෝ ඊයේ (13) කාදිනල්වරුන්ගේ බහුතර කැමැත්තෙන් තේරී පත් වුණා. ලොව බිලියන 1.2ක් වූ කිතුනුවන්ගේ වත්මන් නායකයා වන පළවන ෆ්‍රැන්සිස් ලෙස නම් කර ඇති නව පාප් වහන්සේ තෝරා ගත් බව නිළ වශයෙන් ප්‍රකාශ වුණේ වතිකානුවේ සිස්ටින් දෙව් මැදුරේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් පිටවීමත් සමගයි. එම අවස්ථාව දැක බලා ගැනීම සඳහා වතිකානුවට රැස්ව සිටි අති විශාල ජනතාවක් පී‍්‍රතිඝෝෂා පවත්වා තිබෙනවා. නව පාප් වහන්සේගේ තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් රෝමයේ වතිකානු නුවර සිට හිරු ප්‍රවෘත්ති අංශයට විශේෂ වාර්තාවක් ගෙන එන උදිත දයාල් ජයසිංහ.

[MP3]s55151[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories