ශ්‍රී ලංකාව ඉන්දීය නායකයන්ට අවමන් කළ බව කරුණානිධි කියයි.

Thursday, 14 March 2013 - 18:27

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී අද සභාගත කිරීමට නියමිත අතර, ඊයේ දිනයේදී ඇමරිකා එක්සත් ජනපදය මෙන්ම ශ්‍රී ලංකා නියෝජිතයන්ද වෙන් වෙන්ව පැහැදිළි කිරීම් සිදුකළ බව වාර්තාවනවා. ශ්‍රී ලංකා ධූත පිරිසේ ප්‍රධානී අමාත්‍ය මහින්ද සමරසිංහ මානව හිමිකම් මණ්ඩලයේ ආසියාතික කණ්ඩායම හමුවී සාකච්ඡා කළා. එහිදී යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා විසින් ආසියාතික නියෝජිතයන්ට කරුණු පැහැදිළි කළ බව ආසියානු කණ්ඩායමේ හමුව සංවිධාන කර ඇත්තේ ජිනීවා නුවර ජෝර්දාන නිත්‍ය නියෝජිත කාර්යාලයයි. තානාපතිනී එලීන් චැම්බර්ලීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඇමරිකානු නියෝජිතයන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා පිළිබඳව අනෙකුත් රටවල් සමග සාකච්ඡා කර තිබෙනවා. කෙටුම්පත ඉදිරිපත් කිරීමට පෙර ඒ සඳහා සංශෝධන අද දහවල් දක්වා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබූ බවයි ඇමරිකානු යෝජනාවේ සම අනුග්‍රාහක ක්ෂමා ආයතනය පවසා ඇත්තේ.

 

ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඇමරිකානු යෝජනාව ශ්‍රී ලංකාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි. යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිල ප්‍රතිචාරය අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් හෙට දිනයේදී ඉදිරිපත් කරනු ඇති.

 

මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාව සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂ නායක කරුණානිධි ඉන්දීය රජය වෙත උපහාසාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීම යෝග්‍ය බව ප්‍රකාශ කළේ ඉන්දීය විදේශ කටයුතු ඇමති සල්මාන් කුර්ෂිඞ්. ශ්‍රී ලංකාව ජවහර්ලාල් නේරුගේ සිට රජිව් ගාන්ධි දක්වා ඉන්දීය නායකයන්ට අවමන් කර ඇති බවයි කරුණානිධි ප්‍රකාශ කර ඇත්තේ. බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම, සේනානායක - චෙල්වනායගම් ගිවිසුම හෝ රජිව් ගාන්ධි - ජේ.ආර්.ජයවර්ධන ගිවිසුම මුළුමනින්ම ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාවට කටයුතු කර නොමැති බව කරුණානිධි ප්‍රකාශ කළා. මේ අතර, රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටින කොටි සාමාජික පේරරිවාලන්ට ඔහු රඳවා සිටින වෙල්ලෝර් බන්ධනාගාරයේ බලධාරින් විසින් රන් පදක්කමක් පිරිනමා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඔහු විසින් බන්ධනාගාරයේ පැවැත්වූ පරිගණක පාඨමාලාවකදී දක්ෂතා දැක්වීම නිසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories