එජාප විනය පරීක්ෂණ මේ මාසය තුළ අවසන් කිරීමට නියෝග.

Friday, 15 March 2013 - 7:40

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C.


එක්සත් ජාතික පක්ෂයේ මේ වනවිට සිදුකරන සියලූ විනය පරීක්ෂණ මේ මස තුළ අවසන් කරන ලෙස පක්ෂ නායකත්වය විසින් දැනුම්දීමක් කර තිබෙනවා. පක්ෂයේ විනය කමිටුව වෙත මෙම දැනුම්දීම ඊයේ සිදුකළ බවයි එම පක්ෂයේ විනය කමිටු සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයේදී ඊට පක්ෂව ඡුන්දය ලබාදුන් මන්ත්‍රීවරුන්ට සහ එක්සත් භික්ෂු පෙරමුණ නමැති සංවිධානයක් විසින් පැවැත්වූ රැස්වීමකට සහභාගිවීම සම්බන්ධයෙන් මේ වනවිට විනය පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ සම්බන්ධයෙන් වන විනය පරීක්ෂණ මේ මස අවසන් වීමට පෙර අවසන් කරන ලෙසයි නායකත්වය විසින් දැනුම්දී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories