තිලංග පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් පරීක්ෂණ වාර්තාව නීතිපතිට.

Friday, 15 March 2013 - 7:58

%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9C+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා තිලංග සුමතිපාල නාම යෝජනා භාර දීමෙන් පසු, ඔහු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකළ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ප්‍රකාශ කළා. වැඩිදුර උපදෙස් පතා එවැන්නක් සිදුකළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා තිලංග සුමතිපාල නාමයෝජනා භාර දුන්නේ පෙබරවාරි 27 වැනිදායි. ඊට පසු දින මෙරට ප්‍රමුඛ පෙලේ ක්‍රීඩා සමාජ 3 ක් ඔහුගේ නාම යෝජනාවට එරෙහිව විරෝධතා ගොනු කළා. ඒ සභාපති තනතුර සඳහා තරඟ වදින්නට ඔහුට නීතිමය හැකියාවක් නොමැති බව පෙන්වා දෙමින්.

සෙබස්ති නයිට් ක්‍රීඩා සමාජය, බදුරලිය ක්‍රීඩා සමාජය සහ කෑගල්ල ක්‍රීඩා සමාජය එහිදී පෙන්වා දුන්නේ තිලංග සුමතිපාල ක්‍රිකට් නිලවරණය සඳහා ඉදිරිපත්වීම සදාචාර විරෝධී බවයි. ඔහු රටපුරා විහිදුණු රේස් බයි රේස් සූදු ව්‍යාපාරයක් පවත්වාගෙන යාම, මාධ්‍ය ආයතනයක හිමිකාරීත්වය දැරීම සහ ක්‍රීඩා භාණ්ඩ අලෙවි නියෝජිත ආයතනයක් පවත්වාගෙන යෑම ඊට හේතුව ලෙස ඔවුන් දක්වා සිටියා.

ඒ අනුව මෙම විරෝධතාවයන් පිළිබඳව විභාග කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම, නීතීඥ පන්ඩුක කීර්තිනන්ද සහ විගණාකාධිපති දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු වූ බී.එම්.කේ. මොහොට්ටාල එම ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත්.

මෙම කමිටු වාර්තාවේ අවසන් තීරණය ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය ෆැක්ස් පතක් යොමු කරමින් මෙරට සියලූ මාධ්‍ය ආයතන වෙත දන්වා තිබුණා. අවසන් මොහොතේ ඔවුන් දැනුම් දුන්නේ මෙම මාධ්‍ය හමුව අවලංගු කිරීමට කටයුතු කළ බවයි. කමිටු වාර්තාව ඊයේ දිනය තුළ නොලැබෙන නිසා මෙවැනි තීරණයක් ගත් බවයි ක්‍රීඩා අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරයා අප සමග ප්‍රකාශ කළේ.

නමුත් ඊයේ පස්වරු 3.30 ට පමණ මෙම ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ වෙත ලබාදුන් බව එහි සාමාජික නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. මේ සම්බන්ධයෙන් අප ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ අතර ඔහු ප්‍රකාශ කළේ වැඩිදුර විමර්ශන සඳහා අදාළ වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකළ බවයි.


 [MP3]s55229_1[/MP3]

කෙසේ වෙතත් තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය සඳහා ඉල්ලූම් කිරීම පිළිබඳව ජනතාව දැඩි අප්‍රසාදය පළ කළා.

[MP3]s55229_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories