විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයට රජයෙන් ප්‍රතිචාර.

Friday, 15 March 2013 - 13:30

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB.

සංහිඳියාව වෙනුවෙන් රජය සමග එකගතාවයක් අත්සන් කර එක්ව කටයුතු කිරීමට සූදානම් බවට විපක්ෂ නායකවරයා සිදුකළ ප්‍රකාශයට ඊයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රතිචාර දක්වා සිටියා. ඒ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළේ අදාළ එකඟතාවය අත්සන් කිරීම සඳහා මත්තල ගුවන්තොටුපලට පැමිණීමට ද තමන් සූදානම් බවයි.

[MP3]s55258_1[/MP3]

කෙසේ වෙතත්, මිනුවන්ගොඩ - ඊයේ (14) පැවති උත්සවයට එක්වෙමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ රට වෙනුවෙන් කටයුතු කිරීමට එකඟතා ගිවිසුම් අවශ්‍ය නොවන බවයි.

[MP3]s55258_2[/MP3]
 

මේ අතර, කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී.ලාල්කාන්ත ද විපක්ෂ නායකවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන්  මෙලෙස සිය අදහස් පළ කළා.

[MP3]s55258_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories