සබරගමුව සරසවියේ ශිෂ්‍ය සංගම් තහනම්.

Friday, 15 March 2013 - 18:58

%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ අනෙකුත් පීඨ පහේ ශිෂ්‍ය සංගම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 118 - 1 වගන්තිය යටතේ ඊයේ (14) සිට මෙම ශිෂ්‍ය සංගම් තාවකාලිකව තහනම් කළ බවයි එම සරසවියේ උපකුලපතිවරයා නිවේදනය කර ඇත්තේ.

 

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති මාවැල්ලගේ ප්‍රකාශ කළේ පසුගිය 12 වැනිදා රාත්‍රියේ සරසවි භූමියේ පැවැත්වූ නීති විරෝධී ශිෂ්‍ය රැස්වීමක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. තමන් සරසවි බලධාරීන්ගේ නීත්‍යානුකූල අවසරය ලබා ගෙන මෙම රැස්වීම පැවැත්වූ බව සබරගමුව මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දමයන්ත සම්පත් කුමාර ප්‍රකාශ කළා.

 

 

එහෙත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක කියා සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයෙකු ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර මෙම රැස්වීමට සහභාගි වූ බවයි. මේ සම්බන්ධයෙන් ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාරගෙන් අප විමසීමක් කළා. ඔහු සඳහන් කළේ තමන් මෙම රැස්වීමට සහභාගි නොවූ බවයි.

 

 

කෙසේ වෙතත්, සබරගමුව සරසවියේ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට උසස් අධ්‍යාපන බලධාරීන් ගත් තීරණයට එම සරසවි සිසුන් දැඩි විරෝධය පළ කරනවා. විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (15) පස්වරුවේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කෙරුණේ ද මෙම තීරණයට එරෙහිවයි.

 

සරසවියේ සම්පූර්ණ කතාව.

 
[MP3]s55278[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories