සමෘද්ධිලාභීන්ට මාස 5කින් සහනාධාර ලබාදී නැතැයි චෝදනාවක්.

Friday, 15 March 2013 - 19:01

%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+5%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

මෙරට කිසිඳු සමෘද්ධිලාභියෙකුට පසුගිය මාස 5ක කාලය තුළ සමෘද්ධි සහනාධාරය ගෙවා නැතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය ප්‍රකාශ කරනවා. එහි ලේකම් චාමර මද්දුමකලූගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ සහනාධාර මුදල් මාස 5කින් සමෘද්ධි බැංකු වෙත ලැබී නොමැති බවයි.

 

[MP3]s55279_1[/MP3]

 

මෙම ගැටළුව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සමෘද්ධි කොමසාරිස් ජනරාල් චන්ද්‍රා වික්‍රමසිංහගෙන් විමසීමක් කළා. ඇය කියා සිටියේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් හැර අනෙකුත් සියලූම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත අදාළ සහනාධාරය ලබාදී ඇති බවයි.

 

[MP3]s55279_2[/MP3]

 
මෙරට සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව 15 ලක්ෂ 16,000ක්. ඔවුනට රුපියල් 900, රුපියල් 1200, රුපියල් 1500 යන මුදල් කාණ්ඩ යටතේ මාසිකව සමෘද්ධි සහනාධාර හිමි වනවා. රුපියල් 1500ට අඩු මාසික ආදායමක් ලබන ජනතාව හටයි සමෘද්ධි සහනාධාරය හිමි වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories