කොටි ගැන නිහඬ ඇයි ? - ශ්‍රී ලංකාව විමසයි.

Friday, 15 March 2013 - 19:06

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%AC+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ විශ්වකාලීන සමාලෝචන වාර්තාවට මෙරටින් ඉදිරිපත් කළ  සංශෝධන ජිනිවා මානව හිමිකම් කොමිසමේ දී අද (15) සම්මත වුණා.

 

ඉන්දියාව, බෙනිං රාජ්‍යය සහ ස්පාඤ්ඤය යන රටවල් තුන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මෙම වාර්තාව ප්‍රසිද්ධ කළේ පසුගිය වසරේ පැවති සමාලෝචන සැසිවාරයෙන් අනතුරුවයි. සමාලෝචනයේදී ශ්‍රී ලංකාවට නිර්දේශයන් 204 ක් ඉදිරිපත් කෙරුණා. ඉන් 110 ක් ක්‍රියාත්මක කිරීමටයි ශ්‍රී ලංකාව එකඟ වුණේ.

 

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, ජාතික මානව හිමිකම් ආයතන සවිබල ගැන්වීම මෙන්ම පොලිස්, මැතිවරණ හා මානව හිමිකම් කොමිසම් හි ස්වාධීනත්වය තහවුරු කිරීම ද ඒවා අතර වුණා. මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව නිර්දේශයන් 91 ක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. උතුර හා නැගෙනහිරට ජාත්‍යන්තර හා මානව හිමිකම් සංවිධානවලට ඇතුළත්වීමට අවසර ලබාදීම ඉන් එකක්. අතුරුදන් වූ හෝ සිරගත කළ පුද්ගලයින්ගේ තොරතුරු සියලූ දෙනාට ලබාගත හැකි මධ්‍යම ලේකම්වරයෙකු පත් කිරීම එසේ ප්‍රතික්ෂේප කළ තවත් නිර්දේශයක්.

 

කෙසේ වෙතත්, මෙම විශ්වකාලීන සමාලෝචන වාර්තාවට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ සංශෝධනද සහිතව එම වාර්තාව අද (15) ජීනිවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වුණා. එහිදී කිසිදු රටක් ඊට විරෝධය පළ කළේ නැහැ.

 

මේ අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ දී සමබරව කටයුතු කරන්නැයි ජගත් මානව හිමිකම් කොමිසමේ දී අමාත්‍ය මහින්ද සමරසිංහ අද (15) ඉල්ලීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ඇතැමුන් කොටි ත්‍රස්තවාදීන්ගේ සාහසික ක්‍රියාවන් පිළිබඳ නිහඬව සිටින බවයි. ශ්‍රී ලංකාව පිළිබදව ඉදිරිපත් කළ විශ්වකාලීන සමාලෝචන වාර්තාව අද දිනයේ දී මානව හිමිකම් සැසි වාරයේ දී සාකච්ඡාවට බඳුන් වූ අතර එහිදී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේ උගත් පාඩම් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා රජය ඇප කැප වී ක්‍රියා කරන බවයි.

 

[MP3]s55281_1[/MP3]

 

අමාත්‍ය මහින්ද සමරසිංහ අදහස් පළ කිරීමෙන් අනතුරුව විශ්වකාලීන සමාලෝචන වාර්තාව පිළිබද රටවල් රැසක් තම අදහස් පළ කළා. එහිදී  ඕමානය, පාකිස්තානය, පිලිපීනය, සුඩානය, චීනය සෞදි අරාබිය සහ වෙනිසියුලාව ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් පළ කළ අතර රුසියානු නියෝජිතයා ද කියා සිටියේ යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීම අතින් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවයි.

 

[MP3]s55281_2[/MP3]

කෙසේ වෙතත්, ඇමරිකාව සහ එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට විරුද්ධව අදහස් පළ කළා. එක්සත් රාජධානිය වෙනුවෙන් අදහස් දැක්වු නියෝජිතයා පැවසුවේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තමන් සෑහීමට පත් නොවන බවයි.

 

[MP3]s55281_3[/MP3]
 

අනතුරුව රාජ්‍ය නොවන සංවිධානවලට ද විශ්වකාලීන සමාලෝචන වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට අවස්ථාව උදාවුණා. ඊට සහභාගී වූ ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් අදහස් පළ කළේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. කෙසේ වෙතත්, ඉන් අනතුරුව අදහස් දැක්වු අමාත්‍ය මහින්ද සමරසිංහ කෙටි කලක් තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව සමබරව නිරීක්ෂණය කරන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළා.

 

[MP3]s55281_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories