ජනපති යළි දිවයිනට.

Saturday, 16 March 2013 - 8:21

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

දේශපාලනික සහ ආර්ථිකමය සුබවාදී වාසි රැසක් අත්කර ගනිමින් ජපානයේ සිව් දින නිළ සංචාරය නිම කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (16) දිවයිනට පැමිණියා. අද අලූයම 1.20ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපාන සිව් දින නිළ සංචාරය ආරම්භ කළේ පසුගිය 11 වන දින වැනිදායි. සංචාරය අතරතුර ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා,  අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ, එරට විදේශ කටයුතු අමාත්‍ය ෆුමියෝ කිෂිඩා, යසුෂි අකාශි සහ ජපාන - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමයේ නියෝජිතයන් ද හමුවුණා.

 

මේ අතර ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයේ සිව් වන සහ අවසන් දිනය වූ ඊයේ (15) ජපන් කාර්මික මණ්ඩලය, ජපන් ගුවන් සමාගම්, බැංකු ඇතුළු එරට ඉහළ පෙළේ ආයතන 26ක නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාවේ ආයෝජන සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories