සාකච්ඡා අනවශ්‍යයි. උතුරු කොරියාව කියයි.

Sunday, 17 March 2013 - 8:05

%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඇමරිකාව සමග තවදුරටත් සාකච්ඡා කිරීමට සූදානම් නොමැති බව උතුරු කොරියාව ප්‍රකාශ කළා. උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි ප්‍රහාරයකට මුහුණදීම සඳහා සිය මිසයිල ආරක්ෂණ වැඩසටහන පුළුල් කරන බවට ඇමරිකාව කළ ප්‍රකාශයටයි ඔවුන් මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත්තේ. න්‍යෂ්ටික අවි සිය සෛවරීත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා වැදගත්වන වටිනා බලගතු අසිපතක් ලෙසයි උතුරු කොරියාව හැඳින්වූයේ. එබැවින් ඒ ගැන මතබේදයක් තිබිය නොහැකියි. ඇමරිකාවේ න්‍යෂ්ටික තර්ජනය සහ ගැටුම්කාරී ප්‍රතිපත්ති පවතින තාක් ඔවුන් සමග සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කළ නොහැකි බවද උතුරු කොරියාව අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories