ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කැනේඩියානු රජයේ විශේෂ නියෝජිතයෙකු දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ අද (17) හෝ හෙට (18) දිනයේ දී ඔහු දිවයිනට පැමිණීමට නියමිත බවයි. කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙසේ පත් කර ඇත්තේ එරට සෙනෙට් මණ්ඩල සභිකයෙකු යි. එම නියෝජිතයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ තවත් රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවීමට නියමිත ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ.
Follow US
Most Viewed Stories