චීනය සටනකට සැරසේ.

Monday, 18 March 2013 - 7:42

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.


 
චීනය අභිමානවත් රාජ්‍යයක් කිරීමට සටන් කරන බව නව චීන ජනාධිපති ෂී පිං ජිං පවසනවා. ඒ වෙනුවෙන් කඩිනමින් අවශ්‍ය පියවර ගනු ලබන බවයි චීන නව ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. මේ සඳහා දුෂණයට එරෙහිව දැඩි පියවර ගැනීම අත්‍යාවශ්‍ය බවද ඔහු පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර චීනයේ නව අගමැති ලී කී ක්වෑං සඳහන් කර තිබෙන්නේ චීනය තුළ ස්ථාවර ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යෑමට කටයුතු කිරීම අතිශය වැදගත්වන බවයි. විශේෂයෙන් සමබර ආර්ථික ප්‍රතිපත්තියක් අඛණ්ඩව අනුගමනය කිරීමට කටයුතු කළයුතු බවද චීන නව අගමැතිවරයා සඳහන් කර තිබෙනවා. චීනයේ පාලන මණ්ඩලය මෙලෙස වෙනස් වූයේ වසර 10 කට පසුවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories