හිටපු අගවිනිසුරුවරියගෙන් අල්ලස් කොමිසමට මූලික විරෝධතා.

Monday, 18 March 2013 - 19:01

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ අද (18) පෙනී සිටි හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක එහිදී මූලික විරෝධතාවක් ගොනු කර තිබෙනවා. හිටපු අගවිනිසුරුවරිය අද උදෑසන කොමිසම් සභාව හමුවේ පෙනී සිටියේ අයථා ලෙස වත්කම් උපයා ඇති බවට ඇයට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලට අනුව කෙරුණු කැඳවීමකටයි.  පසුගිය 13 වැනිදා මේ සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරුවරියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව නොතීසි නිකුත් කර තිබුණා.

ඒ අනුව කොමිසම හමුවේ පෙනී සිටි හිටපු අගවිනිසුරුවරිය, කොමිෂන් සභාවේ චෝදනා විමර්ශනය කරන සාමාජිකයෙකුගේ බිරිදක් සක්‍රීයවම තමා අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළ කාලය තුළ තමාට එරෙහිව කටයුතු කර තිබෙන බවට මූලික විරෝධතාවයක් මතු කර තිබෙනවා. එහිදී කොමිසම දැනුම් දී ඇත්තේ අදාළ විරෝධතාවය ලිඛිතව ලබන අප්‍රේල් මස 1 වැනිදා කොමිසමට දැනුම් දෙන ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories