තමිල්නාඩුවේ ප්‍රහාර පිළිබදව ශ්‍රී ලංකාවෙන් අද අවසන් තීරණයක්.

Tuesday, 19 March 2013 - 7:53

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

චෙන්නායි නුවරදී ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අද (19) අවසන් තීරණයක් ගැනීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා සහ චෙන්නායි හි නියෝජ්‍ය මහකොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් ඊයේ (18) ඉන්දියානු බලධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ පිළිබදව අද (19) දිනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ඔවුන් විසින් වාර්තාවක් ලබාදීමට නියමිත බවයි අමාත්‍යාංශ ලේකම් කරුණාතිලක අමුණුගම හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. තමිල්නාඩුවේ දී ශ්‍රී ලාංකිකයන්ට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තීරණයකට එළඹෙනු ඇත්තේ ඉන් අනතුරුවයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් රොඩ්නි පෙරේරා ඊයේ (18) පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

[MP3]s55499_1[/MP3]

මේ අතර චෙන්නායි හිදී ශ්‍රී ලාංකිකය බෞද්ධ භික්ෂුවකට එල්ල වූ ප්‍රහාරය පිළිබදව දැඩි විරෝධය පළ කරන බව ජාතික හෙළ උරුමය පවසනවා. කොළඹ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ බව  සඳහන් කළා.

[MP3]s55499_2[/MP3]                                                        

කෙසේ වෙතත්, ඉන්දියාවේ වන්දනා කිරීම සඳහා සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ආරක්ෂාව ලබාදීමට එරට පොලීසිය පොරොන්දුවක් ලබාදී ඇති බව ඉන්දියාවේ චෙන්නායි නුවර මහබෝධි මධ්‍යස්ථානාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ප්‍රකාශ කළා.
 
[MP3]s55499_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories