චෙන්නායි යනවා ද ? එහෙනම් මෙහෙම කරන්න.

Tuesday, 19 March 2013 - 13:06

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF+%3F+%E0%B6%91%E0%B7%84%E0%B7%99%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.

දකුණු ඉන්දියාවේ සංචාරය කරන්නේ නම් ඒ පිළිබදව තම කාර්යාලය දැනුවත් කරන ලෙස චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එහි වැඩබලන නියෝජ්‍ය මහකොමසාරිස් අමීර් අජ්වාඞ් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඇතැම් සුළු පරිමාණයේ අන්තවාදී කණ්ඩායම් ජිනිවා මානව හිමිකම් සමුළුව ඉලක්ක කර ගනිමින් දකුණු ඉන්දියාව තුළ ශ්‍රී ලංකාවට එරෙහි කටයුතුවල නිරත වන බවයි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමකට අවස්ථා දෙකක දී තමිල්නාඩුවේ දී එල්ල වූ ප්‍රහාර පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී වැඩබලන නියෝජ්‍ය මහකොමසාරිස්වරයා මේ බව කියා සිටියේ. අද (19) දිනය තුළත් තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ විරෝධතා පැවැත්වෙන බව ඔහු ප්‍රකාශ කළා.

[MP3]s55526_1[/MP3]                                                                                    
 
දකුණු ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් 00 91 44 28 24 18 96 හෝ 00 91 44 28 25 26 12 යන දුරකථන අංකය ඔස්සේ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඇමතිය හැකියි. තවද 00 91 44 28 24 18 94 සහ 00 91 44 28 24 10 47 යන ෆැක්ස් අංක වෙත හෝ [email protected] යන විද්‍යුත් තැපැල වෙත දැන්වීමෙන් එම තොරතුරු විමසිය හැකියි.

මේ අතර, දකුණු ඉන්දියාවේ දී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සිදුවන හිරිහැර වලට විරෝධය පළ කරමින් සිංහල රාවය සංවිධානය කොල්ලූපිටියේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. උද්ඝෝෂණයට එක්වෙමින් අදහස් දැක්වූ සිංහල රාවයේ සංවිධානයේ මානව සම්පත් සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්.

[MP3]s55526_2[/MP3]                                                                 

 බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද කොළඹ අද (19) පැවැති මාධ්‍ය හමුවකදී මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

[MP3]s55526_3[/MP3]                                                  

කෙසේ වෙතත්, මහනුවර සිටින ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා අද මෙම තත්ත්වය පිළිබද මහනාහිමිවරුන් දැනුවත් කිරීමට සූදානම්. ඔහු අද (19) පස්වරුවේ මහනාහිමිවරුන් බැහැ දැකීමට නියමිත බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණේ.  

මේ අතර, එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ආණ්ඩුවේ වැරදි හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට විදෙස් රටවලදී පීඩා විදීමට සිදුව ඇති බවයි. කොළඹ අද (19) පැවැති මාධ්‍ය හමුවකදී ඒ පිළිබදව අදහස් දැක්වූ එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.

[MP3]s55526_4[/MP3] 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories