එතනෝල් ප්‍රශ්නය අලූත් පාරක.

Tuesday, 19 March 2013 - 18:51

%E0%B6%91%E0%B6%AD%E0%B6%B1%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් එතනෝල් අඩංගු කන්ටේනර් දෙක පිළිබඳ ඇතිවූ මතබේදාත්මක තත්ත්වය  අද වනවිට තවත් උග්‍රවී තිබෙනවා. ඒ, එම කන්ටේනර් දෙකේ අයිතිකරුවන් ඒවායේ අඩංගු දේ තමන් ආනයනය කළ භාණ්ඩ නොවන බව ප්‍රකාශ කිරීම හේතුවෙන්.

 

කන්ටේනර් දෙක ගෙන්වූ හිමිකරුවන් ඉදිරිපිට අද අදාළ භාණ්ඩ පරීක්ෂාවට ලක් කෙරුණේ රේගු නිලධාරීන්ගේ සහ සුරාබදු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේයි. අදාළ සිද්ධිය වාර්තාවී දින 6 කට පසුවයි හිමිකරුවන් භාණ්ඩ පරීක්ෂාවට පැමිණ සිටියේ. තොටළඟ රේගු බහලූම් පර්යන්තයේදී භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් අනතුරුව අයිතිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තිවංක ඒකරත්න මෙතෙක් කල් අයිතිකරු නොපැමිණීම සම්බන්ධයෙන් ද හේතු දැක්වූවා.

 

[MP3]s55542_1[/MP3]   

 

අයිතිකරුවන්ගේ නීතීඥයන් එල්ල කළ චෝදනාවට පිළිතුරු දුන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඒ. බෝදරගමයි.

 

[MP3]s55542_2[/MP3]          

 

කෙසේ වෙතත් සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම් ජේ.ඒ. ගුණතිලක පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අයිතිකරුවන් නොමැතිව මෙවැනි භාණ්ඩ කන්ටේනරයක් විවෘත කිරීමට නීතියෙන් ඉඩකඩක් නොමැති බවයි.

 

[MP3]s55542_3[/MP3]         

 

මේ අතර පාර්ලිමේන්තුවේදී ද අද (19) මතබේදාත්මක එතනෝල් කන්ටේනර් දෙක සම්බන්ධයෙන් කථාබහට ලක්වුණා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක නැගූ ප්‍රශ්නයක් හේතුවෙන්.

 
[MP3]s55542_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories