ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉන්දීය පාර්ලිමේන්තුවට.

Wednesday, 20 March 2013 - 7:39

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට ඉන්දීය කොංග්‍රස් පක්ෂය සූදානම් වනවා. සෝනියා ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) රැස් වූ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන වාතාවරණය සම්බන්ධයෙන් දීර්ඝ සමාලෝචනයකින් අනතුරුව මෙලෙස ඉන්දීය පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ගෙන ඒමට කොංග්‍රස් පක්ෂය තීරණය කර ඇති බව සදහන්.

 
ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවේදී ඉන්දියාව ඊට පක්ෂව කටයුතු කළ යුතු බවට බල කරමින් තමිල්නාඩුවේ විපක්ෂ නායක මුත්තුවෙල් කරුණානිධිගේ ඞී.එම්.කේ. පක්ෂය කොංග්‍රස් සන්ධානයෙන් ඊයේ (19) ඉවත් වුණා. ඉන් අනතුරුවයි ඉන්දීය පාලක කොංග්‍රස් පක්ෂයේ උත්තරීතර මණ්ඩලය මෙලෙස විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත්තේ. එහිදීයි ශ්‍රී ලංකාවට එරෙහිව මෙම යෝජනාව ගෙන ඒමට තීරණය කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories