ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේ දුම්රියකදී පහරකෑමට ලක්වූ පූජ්‍ය වඩුපොල වංගීස හිමියන් ඊයේ (19) පස්වරුවේදී දිවයිනට පැමිණියා. උන්වහන්සේ පිළිගැනීම සඳහා බොදුබල සේනා සංවිධානයේ ස්වාමීන් වහන්සේලා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොස් සිටියා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පහරකෑමට ලක්වූ පූජ්‍ය වඩුපොල වංගීස හිමියන් එම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ගේ අරමුණ මෙලෙස පැහැදිළි කළා.
[MP3]s55570_1[/MP3]
මේ අතර, ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සිදුවන ප්‍රහාර වළක්වාගැනීම සඳහා ඉන්දියානු රජය කඩිනමින් මැදිහත්විය යුතු බව මල්වතු - අස්ගිරි මහනායක හිමිවරුන් පවසනවා. මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් මහනායක හිමිවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් මහනුවර පිහිටි නියෝජ්‍ය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත ඊයේ (19) ලබාදුන්නා. එම අවස්ථාවට සහභාගී වූ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්.
[MP3]s55570_2[/MP3]
එම ලිපිය භාර ගැනීමේ අවස්ථාවට එක්වු මහනුවර පිහිටි නියෝජ්‍ය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් ඒ.නඩරාජන්.
[MP3]s55570_3[/MP3]
Follow US
Most Viewed Stories