මන්ත්‍රී තෙවරප්පෙරුම පක්ෂයට එරෙහි පෙත්සම ඉවත් කර ගනී.

Wednesday, 20 March 2013 - 12:38

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකළ විනය පරීක්ෂණය වළක්වාලන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබෙනවා. එක්සත් භික්ෂු පෙරමුණ නමැති සංවිධානයක් මෙහෙයවූ රැස්වීමකට සහභාගිවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් කැඳවා තිබුණා.

 

කෙසේ වුවත් ඊයේ විනය කමිටුව ඉදිරියේ පෙනී සිටි පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා තමන් ඉදිරියේදී පක්ෂය සමඟ කටයුතු කිරීමට අවශ්‍ය බවට ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සමගම ඔහු අද (20) ගල්කිස්ස දිසා අධිකරණයට පැමිණ තමන් ගොනුකර තිබූ පෙත්සම ද ඉල්ලා අස්කර ගත්තා. මේ සමඟම එක්සත් ජාතික පක්ෂ විනය කමිටුව පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට පක්ෂ සාමාජිකත්වය සහ මතුගම ආසන සංවිධායක ධුරය පිරිනැමීමට තීරණය කර තිබෙනවා. තමන්, ගොනුකර තිබූ පෙත්සම ඉල්ලා අස්කරගැනීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම.

 

[MP3]s55589[/MP3]

 

කෙසේ වුවත්, සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වය සම්බන්ධයෙන් එම රැස්වීමට සහභාගිවීම සම්බන්ධයෙන් පාලිත රංගේබණ්ඩාර සහ අශෝක අබේසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව සිදුකෙරෙන විනය පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories