ජිනීවා ඡන්දය අද. රටවල් රැසකින් ශ්‍රී ලංකාවට සහය.

Thursday, 21 March 2013 - 7:45

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA.

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාව ජිනීවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී අද (21) ඡන්ද විමසීම සඳහා යොමු කෙරෙනවා. පසුගිය 18 වැනිදා සභාගත කෙරුණු මෙම යෝජනාවට සංශෝධන රැසක් සිදු කෙරුණු අතර තවදුරටත් යම් වාචික සංශෝධන සිදුකළ හැකි බවයි ජිනීවා ආරංචි මාර්ග සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ ඉදිරිපත් කෙරුණු මෙම යෝජනාව තවදුරටත් සංශෝධනය කළ යුතු බව ඇතැම් රටවල අදහස වී තිබෙනවා. සැබවින්ම දැනටමත් එහි ආක්‍රමණශීලී ස්වරූපය ඉවත් කර ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. සංශෝධන සිදු කෙරුණද මෙරට යුද්ධය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව යෝජනාවෙන් තවදුරටත් කියවෙනවා.

මානව හිමිකම් සැසිවාරය සඳහා සහභාගිවන රටවල් සියල්ල තම ස්ථාවරය ප්‍රකාශ නොකළද, උතුරේ නැවත පදිංචිකිරීම් බිම් බෝම්බ ඉවත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ ගෙන ඇති පියවර සළකා බලමින් ශ්‍රී ලංකාව ප්‍රමාණය ඉක්මවා විවේචනය නොකළ යුතු බව පෙන්වා දී තිබෙනවා.

මේ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් රැසක් ජිනීවා හිදී ශ්‍රී ලංකාවට සිය සහය පළ කළ බව ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. රුසියාව, තායිලන්තය, වෙනිසියුලාව, චීනය, කියුබාව, බෙලෝරුස් ජනරජය, මියන්මාරය සහ වියට්නාමය මෙලෙස ශ්‍රී ලංකාවට සහය පළ කරන රටවලට ඇතුළත්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories