ජූලියා ගිලාඞ්ට අගමැති අපේක්ෂකත්වය අහිමිවන ලකුණු.

Thursday, 21 March 2013 - 10:28

%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.



 ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ජුලියා ගිලාඞ් ට සිය පක්ෂ නායකත්වය අහිමිවන තත්ත්වයක් උද්ගතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලබන සැප්තැම්බර් මාසයේ  ඕස්ට්‍රේලියාවේ මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි. එහිදී අග්‍රාමාත්‍ය අපේක්ෂකයා වශයෙන් තෝරාගන්නේ කවුරුන්ද යන්න පිළිබඳව අග්‍රාමාත්‍ය ජුලියා ගිලාඞ් නියෝජනය කරන එරට කම්කරු පක්ෂය තුළ  අර්බුදයක් මතුව ඇති බවයි  ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ. බොහෝ දුරට හිටපු අග්‍රාමාත්‍යවරයා වන කෙවින් රඞ්  ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂයේ මීළඟ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා වශයෙන් තේරී පත්වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ජූලියා ගිලාඞ්ගේ ජනප්‍රියතාව අඩුවීම හේතුවෙන් ඇය ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වුවහොත්, එමගින් කම්කරු පක්ෂයට අවාසිදායක තත්ත්වයක් ඇතිවේයැයි මත පළ වීම මෙම අර්බුදකාරි තත්ත්වයට හේතු වී ඇති බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories