තමිල්නාඩු සිදුවීම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක්.

Thursday, 21 March 2013 - 13:18

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

භික්ෂූන් වහන්සේලාට පහරදීමේ තමිල්නාඩු සිදුවීම් සැළසුම්සහගත කුමන්ත්‍රණයක් බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ, චෙන්නායි වෙත ගමන්කරන ශ්‍රී ලංකා වන්දනාකරුවන්ට වීසා ලබාදීම නවත්වන ලෙස බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය කර ඇති නියෝගය පිළිබඳ විමසීමේදියි.

[MP3]s55663_1[/MP3]

හිරු ප්‍රවෘත්ති අංශය මේ වනවිට ඉන්දියාවේ චෙන්නායි නුවර පවතින තත්ත්වය පිළිබඳව චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් කළා. එහි වැඩබලන නියෝජ්‍ය මහකොමසාරිස් අමීර් අජ්වාඞ්, වන්දනාවේ පැමිණීමට බලාපොරොත්තු වන ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ තමිල්නාඩුවේ පවතින තත්ත්වය සමනය වනතුරු චෙන්නායි වෙත පැමිණීමෙන් වළකින ලෙසයි. එමෙන්ම, මේ වනවිට වන්දනාවේ නිරතව සිටින වන්දනා නඩ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදීමටත්, ඔවුන් නිරුපද්‍රිතව ශ්‍රී ලංකාවට එවීම සඳහාත්, අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බවයි ඔහු පැවසුවේ. තමිල්නාඩුවේ සහ චෙන්නායි හි පිහිටි මහ කොමසාරිස් කාර්යාලවල සහ ශ්‍රී ලංකාවේ මෙරට බැංකු සහ කාර්යාලවලට අවශ්‍ය ආරක්ෂාව සළසා ඇති බවද වැඩබලන නියෝජ්‍ය මහ කොමසාරිස් අමීර් අජ්වාඞ් වැඩිදුරටත් කියා සිටියා.

[MP3]s55663_2[/MP3]

මේ අතර ලබන අප්‍රේල් 3 වැනිදා ආරම්භ වන අයි.පී.එල්. තරඟාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉන්දියාවේ ජනතා පක්ෂ නායක සුබ්‍රමනියම් ස්වාමි තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ගෙන් ඉල්ලීමක් කර  ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.  අයි.පී.එල්. තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ආරක්ෂාව ලබාදීමට තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාට නොහැකිනම් තමිල්නාඩුවේ පාලනය ඉන්දීය ජනාධිපතිට පවරා ගන්නා ලෙස ඉන්දීය ජනතා පක්ෂයේ නායකයා ඉල්ලීමක් ද කර තිබෙනවා. ජනතා පක්ෂ නායක සුබ්‍රමනියම් ස්වාමි පවසන්නේ තමන් ඒ සම්බන්ධයෙන් ප්‍රචාරයක්ද ගෙන යන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories