ඇමෙරිකානු යෝජනාව සම්මතයි.

Thursday, 21 March 2013 - 18:49

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ වාර්තාව වැඩි ඡන්ද 12 කින් අද (21) සම්මත වුණා. ඊට පක්ෂව රටවල් 25 ඡන්දය භාවිත කළ අතර විපක්ෂව ඡන්දය භාවිත කළ රටවල් සංඛ්‍යාව 13 ක්. රටවල් 8ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.

 

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ එක්ව ඉන්දියාව කොරියානු සමූහාණ්ඩුව, චිලී,කොස්ටරිකා, පේරු රාජ්‍යය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, අයර්ලන්තය, ස්පාඤ්ඤය, ජර්මනිය මෙන්ම, ඔස්ටි‍්‍රයාව ද ඇමෙරිකානු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළා. ගෝතමාලාව, බෙනිං රාජ්‍යය, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, පෝලන්තය සහ රුමේනියාව ද ඊට පක්ෂව ඡන්දය භාවිත කළ අතර ඇන්ගෝලාව, බොස්ට්වානා රාජ්‍යය, කෙන්යාව, ඉතියෝපියාව, ජපානය, කසකස්ථානය, මැලේසියාව යන රටවල් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.

 

ඇමරිකානු යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කළ රටවල් වන්නේ වෙනිසියුලාව, ඉක්වදෝරය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය, කටාර් රාජ්‍යය, පාකිස්තානය, පිලිපීනය, කුවේට් රාජ්‍යය, ඉන්දුනීසියාව, උගන්ඩාව සහ කොංගෝ රාජ්‍යයයි.

 

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාව එම කොමිසමට එක්වෙමින් අද (21) ප්‍රකාශ කළා.

 

[MP3]s55686[/MP3]

[JPG]55686_01[/JPG]

[JPG]55686_02[/JPG]

[JPG]55686_03[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories