පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයෙකු මරුට.

Friday, 22 March 2013 - 7:52

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

පොල්පිතිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ඊයේ (21) දහවල් පොල්පිතිගම රෝහලේදී මියගොස් ඇති පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බවට ලද තොරතුරකට අනුව පොල්පිතිගම - මාඇලිය - බන්ට් හන්දිය ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වැටලීමකදී පෙරේදා ඔහුත් සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව තිබුණා. එහි සිටි පුද්ගලයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළේ මෙලෙසයි.

[MP3]s55698_1[/MP3]

සිද්ධියේදී මියගොස් තිබුණේ පොල්පිතිගම මාඇලිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම්. සෝමරත්න නැමැති 58 වියැති පුද්ගලයෙක්. ඔහුගේ බිරිඳ වන මල්ලිකා හේමලතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළේ මෙලෙසයි.

[MP3]s55698_2[/MP3]
 
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් මෙතෙක් ලැබී නොමැති බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories