හිරුණිකා අධිකරණයට අපහාස කළා. - නීති විශාරදයන් කියයි.

Friday, 22 March 2013 - 7:55

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F.+-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කණ්ඩායමක් රැගෙන ගොස් ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර පහරදීම බරපතල අපරාධ වරදක් බව නීති විශාරදයන් පවසනවා. මීට පෙර අධිකරණ තීරණයක් දී තිබියදී මෙසේ තර්ජනය කර පහරදීම උසාවියට අපහාස කිරීමක් බවයි එම විශාරදයන් පෙන්වා දෙන්නේ.

බොරැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගත් අතර ඇයට මේ මස 27 වැනිදා අලූත්කඬේ අංක 02 දරන අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දුන්නා. බොරැල්ල කින්සි පාරේ අංක 175 දරන ස්ථානයේ පිහිටි අදාළ ව්‍යාපාරික ආයතනයට පැමිණ මෙම තර්ජනය කිරීම හා පහරදීම සිදුකර ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්. සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාපාරික ආයතනයේ හිමිකරු වන ධම්මික සිරිවර්ධන මෙසේ විස්තර කළා.


[MP3]s55699_1[/MP3]                                                              

මෙම තර්ජනය කර පහරදීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රව පොලිස් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැර තිබුණා. තමන් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ශවය අතර මීට පෙර අධිකරණයේ නඩුවක් ද විභාග වූ බවයි ව්‍යාපාරික ධම්මික සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. පසුව එම අධිකරණ කටයුත්ත අවසන් වී තිබෙනවා.

එසේ තිබියදීයි යළිත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පිරිසක් සමග පැමිණ මෙසේ තර්ජනය කර පහරදී ඇත්තේ. මෙවැනි තත්ත්වයක නීත්‍යානුකූල ස්වභාවය පිළිබඳ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙකු වන ජ්‍යෙෂ්ඨ නීතීඥ ප්‍රතිභා මහානාමහේවා ගෙන් අප විමසීමක් කළා.

[MP3]s55699_2[/MP3]

සිදුකර ඇති මෙම අපරාධ වරද පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරන ජ්‍යෙෂ්ඨ නීතීඥ ප්‍රතිභා මහානාමහේවා.

[MP3]s55699_3[/MP3]                       



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories