ඇමෙරිකාව, ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේ ඉන්දීය සංශෝධන ප්‍රතික්ෂේප කරයි.

Friday, 22 March 2013 - 12:50

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.


ජිනීවා ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී ඊයේ සම්මත වූ ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාවට ඉන්දියාව ඉදිරිපත් කළ සංශෝධන ප්‍රතික්ෂේප කෙරුණු බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා. තමිල්නාඩු දේශපාලඥයන්ගේ ඉල්ලීමක් වූයේ යෝජනාව දැඩි ස්වරයකින් ඉදිරිපත් කිරීම සඳහා ඉන්දියාව මැදිහත්විය යුතු බවයි. එම හේතුව නිසාම කොංග්‍රස් සන්ධානයේ සහායක පක්ෂයක් වන කරුණානිධිගේ ඞී.එම්.කේ පක්ෂය සන්ධාන රජයෙන් ඉවත්වුණා. ඉන්දීය මාධ්‍ය අද සඳහන් කළේ ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාව ප්‍රබල කිරීම සඳහා ඉන්දියාව ඉදිරිපත් කළ සංශෝධන 7 ක්, ප්‍රතික්ෂේප වී ඇති බවයි. ෙඡ්ද 6 කින් සමන්විත ඇමෙරිකානු යෝජනාවට සිය සංශෝධන ඉන්දියාව විසින් ලිඛිතව ඉදිරිපත් කරනු ලැබූ බවයි ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. කෙසේ නමුත්, එම තොරතුරු ලබා ගත් මූලාශ්‍ර, ඉන්දීය පුවත්පත් හෙළි කර නැහැ.

මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වීම පිළිබඳව ජනාධිපති බැරැක් ඔබාමා උද්දාමයට පත්ව සිටින බව ධවල මන්දිර ප්‍රකාශකයා සඳහන් කළා. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ සියලූ ජනතාවගේ අයිතීන් සුරැකීමට සහ ගෞරවණීයත්වයක් ලබාදීම සඳහා සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීමේ ඇමෙරිකානු යෝජනාව රුකුළක් වනු ඇති බවයි.

මේ අතර, ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය නවනීදන් පිල්ලේට, කඩිනමින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ඉන්දියාව ඉල්ලීමක් කර ඇති බව සඳහන්. ජිනීවා නුවර ඉන්දීය නිත්‍ය නියෝජිත දිලිප් සිංහ ප්‍රකාශ කර ඇත්තේ ඇයට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස කර ඇති ආරාධනය මානව හිමිකම් කොමසාරිස්වරිය පිළිගත යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories