ජිනිවා හි දී ශ්‍රී ලංකාව ලැබුවේ ජයක්. - රවීනාථ ආරියසිංහ.

Saturday, 23 March 2013 - 7:48

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%92+%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8F%E0%B6%AE+%E0%B6%86%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84.


මෙවර ජගත් මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව සම්මත වුවද, එහිදී ශ්‍රී ලංකාව වෙත සහෝදරත්වය පළ කළ රටවල එකමුතුබවක් දක්නට ලැබුණේ යැයි ජිනිවා හි ශ්‍රී ලංකා නිත්‍යා නියෝජිත රවීනාථ ආරියසිංහ පවසනවා. ඔවුන් මානව හිමිකම් මණ්ඩලයේ සැබෑ ප්‍රතිපත්තීන් තවදුරටත් විශ්වාස කරන, ඒ වෙනුවෙන් පෙනී සිටි අයයි. මේ වන විට ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සංයුතිය බටහිරට නැඹුරුබවක් දක්නට ලැබෙනවා. පසුගිය වසරේ ඇමරිකානු යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සහාය දැක්වූ බංග්ලාදේශය, චීනය, කියුබාව, ජිබුටි, ජෝර්දානය, රුසියාව හෝ සෞදිඅරාබිය මෙවර එහි සාමාජිකයන් නොවේ. එවැනි තත්ත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඡුන්දය ප්‍රකාශ කරමින් සහ ඡුන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි රටවලට ජිනිිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජතයා ස්තූතිය පළ කළා. සාමාජිකයන් 47 දෙනෙකුගෙන් යුත් මානව හිමිකම් මණ්ඩලයේ රටවල් 25ක් යෝජනාවට පක්ෂ වූ අතර රටවල් 13ක් ඊට විරෝධය පළ කළා. රටවල් 8ක් ඡුන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර එක් රටක් ඡුන්ද විමසීම පවත්වන අවස්ථාවේ එහි නොසිටීම ද විශේෂත්වයක්. මේ අනුව රටවල් 46ක් අතුරින් රටවල් 22ක්ම ඇමරිකානු යෝජනාවට විරෝධය දක්වා ඇති බවයි ජිනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවීනාථ ආරියසිංහ පෙන්වා දෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories