පොල්පිතිගම පොලිසියට අද දිනයේත් විරෝධය.

Saturday, 23 March 2013 - 19:27

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

පොල්පිතිගම පොලිසියේ අත්අඩංගුවේ සිටියදී, සිදුවූ පහරදීමකින් ජීවිතක්ෂයට පත්වූ බව කියන  ඩබ්ලිව්.එම්. සෝමරත්නගේ මියයාම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අද (23) පොල්පිතිගම - මාඇලිය ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්වුණා. මෙම විරෝධතාවයට එක්වූ ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසයි. විරෝධතාවයට එක්වෙමින් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු මෙලෙස හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වා සිටියා.

[MP3]s55828_1[/MP3]

පොල්පිතිගම - මාඇලිය - බන්ට් හන්දිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පසුගිය 20 වැනිදා පස්වරුවේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඔවුන් පසුව පොලිස් ඇප මත මුදා හැරුණා. මින් එක් පුද්ගලයෙකු 21 වැනිදා උදෑසන හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවටයි වාර්තා වුණේ. ඔහුගේ පවුලේ ඥාතීන් චෝදනා කළේ පෙරදින පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවූ පහරදීමක් හේතුවෙන් ඇති වූ රෝග තත්ත්වයක් මත මොහු ජීවිතක්ෂයට පත්වූ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධනගෙන් විමසීමක් කළා. එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති බවයි. එහිදී හෘදයාබාධයක් හේතුවෙන් මරණය සිදුව ඇති බවට නිගමනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකරණ බවයි.

[MP3]s55828_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories